Sunday, September 2, 2012

ඇයි මගේ USB Drive එකට සමහර Files කොපි කරන්න බැරි?



මේ ප්‍රශ්නය මගෙන් ගොඩක් දෙනෙක් අහලා තියනවා. ඉතින් මට හිතුනා අද මේ ගැන ලිපියක් ලියන්න. දැන් නම් බොහෝ දෙනෙක් මේ සම්බන්ධව දන්නවා. නොදන්න අයට දැන ගන්නත් එක්ක ලියමුකො නේද? :)

හරි දැන් ප්‍රශ්නෙට බහිමුකො... මේක තමා ප්‍රශ්නෙ. පහලින් තියන පින්තූරෙ වගේ එකක් ඔයාලටත් ඇවිල්ලා ඇති බොහෝ විට 4GB වලට වඩා ලොකු ෆයිල් එකක් කොපි කරන්න ගියා නම්...


මතකද? සමහරු හිතනවා එයාලගේ USB එකේ ඉඩ නෑ කියලා. සමහර අය හිතනවා ෆයිල් එකේ මොනා හරි ප්‍රශ්නයක් කියලා... නැහැ මෙතනදි වෙලා තියෙන්නේ මේ USB Drive එක Format කරලා තියෙන්නේ FAT32 කියන File Syatem එකෙන්. ඉතින් මේ FAT32 File System එකෙන් සහයෝගය දක්වන උපරිම File Size එක තමයි 4GB. මෙන්න මේ නිසා තමයි ඔයාල 4GB වලට වඩා ලොකු ෆයිල් එකක් කොපි කරන්න ගියාම Error එකක් එන්නේ...

ඉතින් මේකට අපි මොකද කරන්නේ... එතකොට අපිට 4GB වලට වඩා ලොකු ෆයිල්ස් කොපි කරන්න බැරිද? බය වෙන්න එපා... පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ Drive එක NTFS කියන File System එකෙන් Format කරන එක හෝ Convert කරන එක. හරිම ලේසියි. පහළ තියනවා ඒක ලේසියෙන්ම කරගන්න විධිය. බලන්නකො...

FAT32 ඉඳන් NTFS වලට Convert කරන අයුරු...
මේ ක්‍රමේදි තියන වාසිය තමා Drive එකේ Data වලට හානියක් නොවන ලෙස File System එක මාරු වෙන එක (කෝකටත් ෆයිල්ස් කොපි කරලා තියගන්නවා නම් හොඳයි).

1. Command Prompt එක ඕපන් කරගන්න.
    (Start -> Run -> Type "cmd" -> Enter) or (Start -> All Programs -> Accessories -> Command Prompt)

2. එහි මේ Command එක ටයිප් කරන්න. CONVERT J: /FS:NTFS

මෙහි J යනුවෙන් සඳහන් වෙන්නේ ඔයාලගේ Drive එකේ Letter එකයි. USB Drive එක සම්බන්ධ කරලා My Computer ඕපන් කරාම එහි සඳහන් වෙනවා ඔයාලගේ Drive එකේ Letter එක මොකද්ද කියලා. ඉතින් එතන පෙන්නන Drive Letter එක තමයි මෙතනට පාවිච්චි කරන්න ඕන...






FAT32 ඉඳන් NTFS වලට Format කරන අයුරු...

මෙහිදි ඔයාලගේ Drive එකේ තියන Data ඔක්කොම මැකෙනවා. නමුත් වැඩේ ඉක්මන්. හරිම ලේසියි. මේ තියෙන්නේ කරන විධිය...

1. Drive එක පරිගනකයට සම්බන්ධ කරලා ඕන කරන Data තියනවා නම් අනිවාර්යෙන්ම කොපි කරගන්න.

2. My Computer ඕපන් කරලා Drive එක උඩ Right Click කරන්න.



3. Format මෙනුවට යන්න.



ඉහත දැක්වෙන පරිදි File System එකට NTFS තෝරන්න. Quick Format දුන්නොත් වැඩේ විනඩියකින් දෙකකින් ඉවර කරගන්න පුළුවන්. නැත්තන් සාමාන්‍ය පරිදි Format වෙනවා.

Start ක්ලික් කරාම Warning Massage එකක් එයි Data Erase වෙනවා කියලා. ඒක OK කරන්න.



දැන් ඉතින් හරි. දැන් බලන්න 4GB වලට වඩා ලොකු ෆයිල් එකක් කොපි කරලා. කිසි ප්‍රශ්නයක් නැතුව කොපි වෙන්න ඕන.

එහෙනම් පස්සේ දවසක ආයේ හමුවෙමු...!!! සුබ දවසක්...!!!

2 comments: