Tuesday, March 13, 2012

ඔබේ රැහැන් රහිත ජාලය ආරක්ෂා කරගන්නේ කෙසේද? (1 කොටස)






                             දැන් Internet කියන්නේ ලංකාවේ බොහොම සුලභ දෙයක්නෙ නේද? ඒ අතරිනුත් දැන් Wireless Internet ජනප්‍රිය වේගෙන එනවා. මේ සඳහා ඉතින් ඕන Wireless ADSL Router එකක් විතරනෙ. Wireless Network එකක පොඩි Security Risk එකක් තියනවා මොකද ඔයාලගෙ Network එක ආසන්නයේ ඉන්න ඕනම කෙනෙක්ට එයට සම්බන්ධ වෙන්න පුළුවන් පහසුවෙන්ම ඒක ආරක්ෂා කරලා නැත්නම්. ඉතින් මට හිතුනා අද මේ ඔයාලගේ Wireless Internet Connection එක එහෙමත් නැත්නම් Wireless Network එක කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා පොඩි සටහනක් ලියන්න… :)

ඔයාලා Wireless Network එකට Connect වෙද්දි කවදාවත් password එකක් ඇතුල් කරන්නෙ නැද්ද? ඒ කියන්නේ බොහෝවිට ඒක Open Network එකක් වෙන්න පුළුවන්. තවත් සරලව කියනවා නම් ඕනම කෙනෙක්ට කිසිම බාදාවකින් තොරව ඔයාලගේ Network එක පාවිච්චි කරන්න පුළුවන්. මේකට කරන්න තියෙන්නේ ඔයාලගේ Network එකට Security Key එකක් යොදාගන්න එක. ඔයාලගේ ADSL Router එකේ Settings වලට ගියාම ඒකෙ ඇති Security Section එකක්. මේක මට හරියටම කියන්න බෑ මොකද හැම Router එකේම Settings එකම

නොවෙන නිසා. මං පාවිච්චි කරන්නේ D-Link Router එකක්. උදාහරනයක් විදියට මං ඒකේ තියන විදිය පෙන්නන්නම්.



මෙන්න මේ ආකාරයේ මෙනුවක් තමා තිබිය යුත්තේ. මෙතනදි WPA Passphrase කියන එක තමා ඔයාලගේ නෙට්වර්ක් එකේ Security Key එක වෙන්නේ. මෙතනදි ඔයාලට පේනවා ඇති මං තෝරලා තියෙන්නේ WPA2 කියන Mode එක. ඔතන WEP, WPA, WPA2 කියන ඒවා තියෙන්න පුළුවන්. සමහරවිට තවත් ඒවා තියෙන්න පුළුවන්. නමුත් මං ඉහත සඳහන් කරපු Security Methods 3න් එකක් පාවිච්චි කරන එක තමා හොඳ.  මෙතනිනුත් WPA හෝ WPA2 තමා වඩා හොඳ. ඔයාලගේ Router එකේ WPA හෝ WPA2 තියනවානම් අනිවාර්යෙන්ම ඒක පාවිච්චි කරන්න. මේක Enable කරාට පස්සේ කවුරුහරි ඔයාලගේ නෙට්වර්ක් එකට Connect වෙනවා නම් අනිවාර්යෙන්ම Security Key එක දෙන්න ඕනා.



තවත් වැදගත්ම කාරනාවක් තමා Default Password එක වෙනස් කරන එක. නැත්නම් ඕනම කෙනෙක්ට Guess කරලා ඔයාලගේ Router එකේ Settings වලට ඇතුල් වෙන්න පුළුවන්. මොකද බොහෝ Router සමඟ එන Default Password එක ගොඩක් අය දන්නවා. ඒක නිසා මතක් කරලා මේක වෙනස් කරන්න. මෙතනදි මම Default Password කියලා සඳහන් කරේ Admin Password එකට. ඒක වෙනස් කරන මෙනුව මෙන්න මේ වගේ…


මේක වෙනස් කරේ නැතුව කවුරුහරි ඔයාලගේ Router Settings වලට ඇතුල් උනොත් එයාට පුළුවන් Settings ඔක්කොම වෙනස් කරන්න. අන්තිමට වෙන්නේ ඔයාලට Internet යන්න බැරුව යයි. කරන්න ඉතුරු වෙන්නේ Router එක Reset කරන එකයි. ඉතින් ආපහු මුල ඉඳන් Settings හදාගෙන එනවට වඩා ගොඩක් පහසුයි මේ Password එක වෙනස් කරානම් නේද?

අදට මෙතනින් නවතින්නම්... ඉතිරිය නැවත නිවාඩුවක් ලැබුන විගස පල කරන්නම්... එතෙක් ඔබට සුබ දවසක්...!!!

No comments:

Post a Comment