Sunday, June 17, 2012

ඔබේ රැහැන් රහිත ජාලය ආරක්ෂා කරගන්නේ කෙසේද? (2 කොටස)






මේ ලිපියේ පළමු කොටස මීට ටික කාලෙකට කලින් මම පළකලා. ඒ ලිපිය මෙන්න මෙතනින් ඔයාලට බලන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි දැන් දෙවෙනි කොටස බලමු. :)


SSID එක මාරු කිරීම

SSID එක තමා ඔයාගෙ WLAN එක හඳුනාගන්න නම. සාමාන්‍යයෙන් ගොඩක් Routers වල මේ  SSID  එක වෙන්නෙ Router එකේ නමමයි. උදාහරණයක් විදියට D-Link Router එකේ SSID එක D-Link ම වෙන්න පුළුවන් 90% වගේ. ඉතින් මේකත් එතරම් සුදුසු නෑ. මොකද WLAN එක හැක් කරන්න උවමනා කෙනෙක්ට Router එකේ වර්ගය දැනගත්තහම වැඩේ තවත් පහසු වෙන්න පුළුවන්. ඉතින් අපි මේක වෙනස් කරගත්තහම ඔවුන්ට හැක් කිරීම තවත් අපහසු වෙනවා. තවත් දෙයක්, මේ SSID එකට ඔයාගෙ නම, ඔයාගෙ පවුලෙ නම වගේ දේවල් යොදන්න එපා. ඒක බොහෝ අය දන්න දෙයක්නෙ. අනික හැක් කරන කෙනා බොහෝ විට ඔබේ අසල්වාසියෙක් වෙන්න පුළුවන්. ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මේකට යොදාගන්න ඕන නම මොන වගේ එකක් වෙන්න ඕනද කියල නේද? :D


Enable Router Firewall

දැන් තියන හැම Wireless Router එකකම වගේ Firewall එකක් තියනවා. සාමාන්‍යයෙන් ඒක Enable වෙලාම තමයි තියෙන්නේ. ඉතින් ඒක Disable කරන්න එපා. Enable කරලම තියන්න. ඒක අපේ ආරක්ෂාවට වැදගත් වෙනවා.


SSID එක Broadcast වෙන එක වැලැක්වීම

මේ පියවර ඔබේ WLAN එකේ ආරක්ෂාව ගොඩක් වැඩි කරගන්න උපකාරි වෙනවා. අපේ පහසුවට Router එක මගින් අපේ WLAN එකේ නම Broadcast කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි WLAN එකක් තියනවාද කියල Search කරද්දි අපිට අවට තියෙන Wireless Networks වල නම් ලැයිස්තුවක් ලැබෙනවා නේද? අන්න එහෙම අපිට ලැබෙන්නෙ ඒ Routers වලින් SSID එක Broadcast කරන නිසයි. ඉතින් අපි මේක නැවැත්තුවොත් කොහොමද? එතකොට කව්රුවත් දන්නේ නෑ මෙහෙම Wireless Network එකක් තියනවද කියල... පහළ තියන රූපය බලන්න...



දැක්කද? Visibility Status කියල ඔතන සඳහන් වෙලා තියෙන්නේ මන් ඉහත සඳහන් කරපු දේ. ඉතින් ඔයාලගේ Router එකේ වර්ගය අනුව ඕක පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. ඒත් පහසුවෙන් සොයාගන්න පුළුවන්... :)

තවත් දුරට යනවා නම් MAC Address Filtering වගේ දේවලුත් කරන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ අපි භාවිතා කරන උපකරණයේ MAC Address එක අපි Router එකට දීලා තියන MAC Address එක සමඟ සංසන්දනය කරලා බලලා තම අපිට Router එක WLAN එකට ඇතුල්වෙන්න අවසර දෙන්නේ... පහළ තියෙන්නේ එම Setting එක දැක්වෙන ආකාරය



එතකොට ඉතින් අපි Router එකට කලින් අපි භාවිතා කරන උපකරණයේ MAC Address එක ඇතුල් කරලා නැත්ත්න් WLAN එකට Access වෙන්න බෑ. එතකොට ඉතින් Security එක උපරිමයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ යාළුවෙක් ආවහම එයාට Phone එකෙන් Wireless එකට Log වෙන්න ඕන උනොත් වැඩේ පොඩ්ඩක් අමාරුයි. මොකද අපේ Router එකෙන් එයාගෙ Phone එකට Access දෙන්නේ නෑ. අපි Router එකට Log වෙලා එයාගේ Phone එකේ MAC Address එක දෙන්න ඕන. ඒ වගේ අවස්ථාවල නම් පොඩ්ඩක් කරදරයි... හැබැයි Security එක නම් කලින් කිව්වා වගේම උපරිමයි... :)

එහෙනම් තවත් ලිපියකින් නැවත හමුවෙමු... එතෙක් ඔබ සැමට ජය...!!!

6 comments:

  1. හොද Article එක.... මම මේ සේරම දේවල් කරා සිටි එකේ ඉන්න කොට... නැත්නම් බැහැ කරන්න.... කොහොම නමුත් සියල්ල සරලව කෙටියෙන් පැහැදිලිව ලියල තියනවා... Great work නුවා මල්ලී... Keep it up... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං...!!!

      Delete
  2. හොන්දට ලියල තියෙනව.. ගොඩක් ප්‍රයෝජනවත්... එලකිරි වෑඩක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුක්කු පුතා...!!! :)

      Delete