Tuesday, March 13, 2012

ඔබේ රැහැන් රහිත ජාලය ආරක්ෂා කරගන්නේ කෙසේද? (1 කොටස)






                             දැන් Internet කියන්නේ ලංකාවේ බොහොම සුලභ දෙයක්නෙ නේද? ඒ අතරිනුත් දැන් Wireless Internet ජනප්‍රිය වේගෙන එනවා. මේ සඳහා ඉතින් ඕන Wireless ADSL Router එකක් විතරනෙ. Wireless Network එකක පොඩි Security Risk එකක් තියනවා මොකද ඔයාලගෙ Network එක ආසන්නයේ ඉන්න ඕනම කෙනෙක්ට එයට සම්බන්ධ වෙන්න පුළුවන් පහසුවෙන්ම ඒක ආරක්ෂා කරලා නැත්නම්. ඉතින් මට හිතුනා අද මේ ඔයාලගේ Wireless Internet Connection එක එහෙමත් නැත්නම් Wireless Network එක කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා පොඩි සටහනක් ලියන්න… :)

ඔයාලා Wireless Network එකට Connect වෙද්දි කවදාවත් password එකක් ඇතුල් කරන්නෙ නැද්ද? ඒ කියන්නේ බොහෝවිට ඒක Open Network එකක් වෙන්න පුළුවන්. තවත් සරලව කියනවා නම් ඕනම කෙනෙක්ට කිසිම බාදාවකින් තොරව ඔයාලගේ Network එක පාවිච්චි කරන්න පුළුවන්. මේකට කරන්න තියෙන්නේ ඔයාලගේ Network එකට Security Key එකක් යොදාගන්න එක. ඔයාලගේ ADSL Router එකේ Settings වලට ගියාම ඒකෙ ඇති Security Section එකක්. මේක මට හරියටම කියන්න බෑ මොකද හැම Router එකේම Settings එකම

Saturday, March 10, 2012

බ්‍රව්සර් එකේ ටැබ් එක හදිස්සියෙම ක්ලෝස් උනාද?





මට නම් මේ ඇබැද්දිය සෑහෙන්න වෙලාවල වෙලා තියනවා. කොටින්ම අදත් උනා. :) ඉතින් මං බැලුවා මේක ඉක්මනට ආපහු ගන්න ක්‍රමයක් තියනවද කියලා. තියනවා නේන්නම්. මෙන්න ක්‍රමේ...

Ctrl + Shift + T 

ඔන්න ඕක තමා ක්‍රමේ... හරි සිම්පල් නේද? කීප පාරක් කරාම කලින් ක්ලෝස් කරපු ටැබුත් ඕපන් වෙනවා... මේක ගොඩක් බ්‍රවුසර් එක්ක වැඩ කරනවා. Mozilla Firefox, Internet Explorer, Opera එක්ක නම් එලකිරි වගේ වැඩ... :)

අද නම් බොහොම පොඩි පෝස්ට් එකක් දැම්මේ... ගොඩ දෙනෙක් මේ ගැන දන්නවා ඇති... නොදන්න අයත් ඇති කියලා හිතුන නිසා තමා පොඩි ලිපියක් දාන්න හිතුනේ... එහෙනම් නැවත හමුවෙමු... සුබ දවසක්...!!!